වැයෙන්නට ඉඩදෙන්න...........

Saturday, August 28, 2010

පිදුම......

            
ආදර කදුමත
පහන් ටැඹක් සේ
දිලුනා ඔබ මට
මගෙ අම්මේ.....
බැබළුන එ මුදු පහන් සිලෙන් මා
ලෝකය දුටුවා
මගේ අම්මේ.......
වලවෙ ගං දිය
පිරි සමනළ වැව
මද  පවනනේ රැළි නගනා සේ
දරු සෙනෙහස පිරි
නුඔ සිනහා රැළි
අම්මේ මා සිත පුරවන්නේ .............
සුමුදු සිසිල් දිය පිරි බෙලිහුල් ඔය
ගල් පර හැරදා නොම යන සේ
සෝ කදුලැල් මැද
සිත රළු වුණ දා
ඔබ මා ලඟ
සිටියා අම්මේ...........

                                              ආදරය කියන පදයට කෙතරම් අර්ථකතන දුන්නද එහි නියම අරුත "අම්මා" මිස අන් කවරක් ද?එවන් වු සෙනෙහසකට උපමා නැත. ආදරය සදාකාලික බව මා වටහාගත්තේ නුඹගෙනි .ඉදින් මම දනිමි නුඹ කිසිදු විට මා හැර නොයන බව. නෙතට නැගෙන කඳුළට සරදම්කර හිනැහෙන්නන් ඉන්නා ලොවක නෙතට කඳුළු නොගෙනෙන ලෙස මා දිරිමත් කළේ නුඹයි.හඩ නඟා හැඩ වෙවි ගල් පර හමුවේ නොසැලි ඉදිරියට යන නදියක් මෙන් පෙරට ම  යෑමට මා ලොව දිරි ගැන්වුයේ නුඹයි. මා අනාගතයක් නොපතමි. එහෙත් නුඹගේ සතුට වෙනුවෙන් ඔය නෙතේ කැළුම් වෙනුවෙන් මා ලෝවම දිනමි. දිනුවද පැරදුනද මම එකම එක වගක් දනිමි. එ නුඹෙන් මා ලැබු පෙම බෙලිහුල් නදිය ගල්පර හැර නොම යන සේ මා ළඟ රැදෙන බවය. ඉදින් එවන් වු සදාකාලික උත්තුංග ප්‍රේමයට නිගානොදෙනු වස් මෙ නමස්කාරය මව්ණි නුඹ නමට පූජා වේවා..................
                                                                                                   

No comments:

Post a Comment