වැයෙන්නට ඉඩදෙන්න...........

Friday, April 29, 2011

කවිය යනු.......


 

                                                

               පුද්ගලයා යනු ව්ව්ධාකාර වු සහජ දක්ෂතා වලින්
උපත ලද්දා වු පුදුමාකාර වු සත්වයෙකි
එවන් වු සත්වයන් සතු වු ව්ව්ධාකාර වු කාව්‍යමය
සංකල්පනාවන් එලිදක්වනු වස්
 මා දැරැවා වු අහිංසක ප්‍රයත්යක මූලාරම්භයයි මෙ ..................................
  

Saturday, August 28, 2010

පිදුම......

            
ආදර කදුමත
පහන් ටැඹක් සේ
දිලුනා ඔබ මට
මගෙ අම්මේ.....
බැබළුන එ මුදු පහන් සිලෙන් මා
ලෝකය දුටුවා
මගේ අම්මේ.......
වලවෙ ගං දිය
පිරි සමනළ වැව
මද  පවනනේ රැළි නගනා සේ
දරු සෙනෙහස පිරි
නුඔ සිනහා රැළි
අම්මේ මා සිත පුරවන්නේ .............
සුමුදු සිසිල් දිය පිරි බෙලිහුල් ඔය
ගල් පර හැරදා නොම යන සේ
සෝ කදුලැල් මැද
සිත රළු වුණ දා
ඔබ මා ලඟ
සිටියා අම්මේ...........

                                              ආදරය කියන පදයට කෙතරම් අර්ථකතන දුන්නද එහි නියම අරුත "අම්මා" මිස අන් කවරක් ද?එවන් වු සෙනෙහසකට උපමා නැත. ආදරය සදාකාලික බව මා වටහාගත්තේ නුඹගෙනි .ඉදින් මම දනිමි නුඹ කිසිදු විට මා හැර නොයන බව. නෙතට නැගෙන කඳුළට සරදම්කර හිනැහෙන්නන් ඉන්නා ලොවක නෙතට කඳුළු නොගෙනෙන ලෙස මා දිරිමත් කළේ නුඹයි.හඩ නඟා හැඩ වෙවි ගල් පර හමුවේ නොසැලි ඉදිරියට යන නදියක් මෙන් පෙරට ම  යෑමට මා ලොව දිරි ගැන්වුයේ නුඹයි. මා අනාගතයක් නොපතමි. එහෙත් නුඹගේ සතුට වෙනුවෙන් ඔය නෙතේ කැළුම් වෙනුවෙන් මා ලෝවම දිනමි. දිනුවද පැරදුනද මම එකම එක වගක් දනිමි. එ නුඹෙන් මා ලැබු පෙම බෙලිහුල් නදිය ගල්පර හැර නොම යන සේ මා ළඟ රැදෙන බවය. ඉදින් එවන් වු සදාකාලික උත්තුංග ප්‍රේමයට නිගානොදෙනු වස් මෙ නමස්කාරය මව්ණි නුඹ නමට පූජා වේවා..................
                                                                                                   

Thursday, August 26, 2010

නමස්කාර වෙවා......



මඩ ගොහොරක පිපි තඹරු මලක් මෙන්
දිය මතු පිපිදි දියහි නොගැවී
කෙලෙසුන් පිරි මිනිසූන් මත පිබිදි
කෙලෙස් නොගැල් වු එකම පියාණනි
මොහොඳුර ගණඳුර පිරි තුන් ලෙව් හට
යහ ගුණ පෙන්වා මෙත් මග පදා
සකළ සතුන් වෙත පෑ මුදිතා ගුණ
අදටත් රැව්  දෙ  දියත අරා
කළ පින් මදි වි පව ස්මතු වි
මෙත් මඟ යන්නට වරම් නෙලද මුත්
මෙතේ බුදුන් ලඟ මෙත් ලැබ ගන්නට
වනසා ලමු අද කෙළෙස් මළුන් හැම...............


"බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා" මෙ වගේ ගීත බිහි වෙලා තියෙන්නේ අපි හැමෝටම බුදු දහම හුඟාක් දැනෙන නිසා ම ලෝකෙ තියන හැම දේම නිස්සාර වෙද්දි අපේ ජිවිතේ අපි දකින එකම සත්‍ය හා ජිවමාන දෙය බුදු දහම. එ තුළින් ජීවිතයට ලැබෙන පිහිට නිමක් නෑ. මෙ ලෝකේ සුපිපුණ නෙළුමක් වගේ සුපිරිසිදු වුත් විදුරුවක් වගේ විනිවිද පෙනෙනා වුත් එකම දේ බුදු දහම ගෞතම බුදුන් ළඟ නිවන් ලැබ ගන්න පින් මද උනු අපි මෙත් බුදුන් පාමුළ නිවන් ලබන්නට නම් දැන් දැන් ම කෙලෙස් නැසිය යුතුයි.එවිට මේ දුකින් පිරුණු බව කතර කෙළවර කර ගන බුදුහිමි පාමුළ නිවන් මග පසක් කර ගත හැක.
                            තුන් ලෝවට ගුරු වු සම්මාසම්බුදු පියණනි නුඹ නමට පිදෙන පැදි කුසුමයි මේ..............















 

පියාණනී......



පිය සෙනෙහස පුරවා
  සැම දිනයේ
  මා සනසා මට
  සෙවන සැදු ඔබ
  සැඩ හිරු එළි
  දාහය අතරෙ
  සිහිවේ සිහිවේ
           පියාණනේ.........
  දෙපිය නගන්නට
  නොහැකිව ලතවුණ
  මගේ සුරත ගෙන
  මා නැගිට වු ඔබ
  ගිරිහෙල් අරඹේ
  නිරැදක කතරෙ
  සිහිවේ සිහිවේ
           පියාණනේ....
  කදුල සුසුම
  හදවතින්දරාගෙන
  සැනසුන ඔබගෙ
  සව්ය ලැබු මට
  බාධක අතරෙ
  මා තනිවුදා
  සිහිවේ සිහිවේ
          පියාණනේ.......
                                                      
                                                            ලොවක් තනන්නට අවශ්‍ය වන ප්‍රධානම සාධකය තමයි අනාගත පරපුර. එවන් වු පරපුරක මූල බීජය  වපුරනෙ කවුද? කුසින් නොදැරුවත් ලේ කිරි  නොකලත් අම්මට මුවා වෙලා දරු පැටියාගේ ලෝකය බබළවන්නේ කවුද? ගත දහඩිය ලේ කඳුළු මුහු කරලා රසට බත හදන්න අම්මට උදව් දෙන්නෙ කවුද? නැතිබැරිකම් කොපමණ තිබුණත් දරුවන්ගෙ ලෝකය ලස්සන කරන්න දිවා රෑ නොබලා වෙහෙසෙන්නෙ කවුද? දන්නවා තාත්තේ ඔයා දරන ව්ර්ය මගේ ලෝකය දිනවලා දෙන්න. ඉතින් මේ පුදාචාර්ය ඔයා වෙනුවෙන්මයි.........

Wednesday, August 25, 2010

වදිම් වදිම් මම ....


ජිවන ගඟ මැද පැද යන ඹරුවට
අලුත් නවාතැන් පොළකි ඔබ
තවදුර යන්නට දිරිය දෙවනු මැන
ඔබ ළඟ නිරතුරු රැදෙමි මම
කඳුහෙල් දැක දැක ඔබට තුරුළු වෙමි
දෙපිය නඟන්නට බොහෝදුර
දනිමි දනිමි මම ඔබ දෙන ජිවය
නිමක් නොමැති බව කිසිම දින
ඉතින් දයාඹර මව්ණි මගේ නුඹ
ජීවන නැණ මඟ මිණි පෑදු
වදිමි වදිමි මම ඔබේ දෙපා මුළ
කිරි දරුවෙකුමෙන් සිත් යාවි
විෂම වු ලෝකය කිරුළ දරන්නට
පෙව් නැණ දම් රන් කිරි රසිනි
තුඩ තුඩ රැව් දෙන ලෙස වයනෙම් අද
සබරගමුව වාසිටි මෑණි.........
                                    
                                     පුංචි ම කාළයෙ ඉදන් හීනවල තිබුන බලාපොරොත්තුව ඵදරලා. ඒ තමා විශ්ව විද්‍යාල හිනය. ඉතින් හැබැ  එ වුණ හීනයත් අරන් අපි අවේ ඔබ ළඟට .විදුමව් තුරුලෙන් මිදිලා අපි අවේ ඒ වගේම සෙනෙහසක් බලාපොරොත්තුව  ඇත්තමයි ඔබ අපට අලුත් සෙනෙහසක් දුන්න. ඒ සෙනෙහස එළියෙන් අපට පුළුවන් මුළු ලෝකයම දිනාගන්න.
                                         ඉතින් සදාදර සබරගමුව මෑණියණි; නුඹ නමට සපථ වෙමි. දිනමි ලෝකය ම දස අත රැව් නංවන්නෙමි නුඹේ නාමය. ඉදින් මේ නුඹ නමට කෙරෙන හෘද්‍යාංගම තුති පිදුමයි. දෙනු මැන තව තව දිරිය දිනන්නට ලෝකයම නුඹගේ දරු කැළට .වැජඹේවා දියත පුරා නුඹ නාමය.................

තාරුණ්‍යයේ ආදරය

යෞවනයේ මිහිරියාව මත රැදි
සුන්දර ම වදන් පෙළ
ආදරයයි.........
ජිවිතය සුන්දර කරන
සොඳුරුත ම හැඟුම් පෙළ
ආදරයයි.........
විටක ආදරය
ජිවිතය මත සුපිපි
රෝස කුසුමකි
තවත් නිමෙෂයක එය
කටුක මලකි......
                                                                                                                              ආදරය ලබන්න ආදරය කරන්න අපි හැමෝම ආසයි. යොවුන් වියේදි අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒ සොඳුරුතම ආදරයයි. තරුණ හිත් ගොඩාක් සංවේදියි. ඒ සංවේදී හිත් වලට කතා කරන භාෂාව ආදරයයි. ඒ හිත් ජීවත් කරන්නෙත් ආදරයයි. ආදරය හඳුනන හිත් ආදරෙන් ඉද්දි තවත් හිතක් ඒ ආදරය නමින්ම වැලපෙනවා. බලාපොරොත්තු හිතේ පොඳී බැඳගෙන ඒ ආදරය නමින්ම මැරි මැරී උපදිනවා...............................

Tuesday, August 24, 2010

යෙහෙළියණි නුඹ........



කඳුලු ගලන ඇහි පිය යට
ඇණ තියාන බලං ඉන්න
වැටෙන වැටෙන කඳුලු පොදිය
දෝතම පා දොවා ගන්න
හිස අත ගා හද සනසා
කඳුලු බිංදු නතර කරන
නුඹයි මගේ පුංචි ලොවේ
මට පෑයු තාරකාව......

ජිවන මඟ මට හමුවන
කඳුහෙල් තරණය කරන්න
වැටෙන විටදි දෑත දෙන්න
නිරතුරු මා ළඟම ඉන්න
හුස්මට හුස්මක් යාවි....
කඳුලට නිවනක් වේවි
මගේ පුංචි මිතුරිය නුඹ
සදාකල්ම පායාවි........

                                                                                                    අපි යන මේ ජිවන ගමනේ අපිට කෙතරම් පුද්ගලයින් හමු උණත් ජිවිතේටම ළං වුන අය විතරයි මතක හිටින්නෙ. ඒක මිනිස් ස්වභාව ඒ මතක හිටින ටික දෙනාගෙන් කළණ මිතුරුදම විශේෂයි නේද? එකට පාසල් ගිය එක බත් පත බෙදාන කෑව ඒ විතරක්ද සතුටදි එකතු වෙලා සිනාසුණ දුකකදි තුරුල් වෙලා ඇඩුව ඒ මල් සමය නම් කෙසේ අමතක කළ හැකිද? ඒ සුන්දර සමය සිහිවෙද්දි හිතෙනවා ඇත්තටම ජිවිතේ එතනින් නතර උණානම් කෙතරම් හොදද කියලා. සසරින් සසර එකට ඉදපු අය එකට ඉපදෙනව කියන එක ඇත්තක් මගේ පුංචි මිතුරිය නුඹ මට ඒවගේ විටක දි වාද වන බව සැබවි. එහෙත් නුඹගේ සැබෑ සෙනෙහස මගේ හදපතුළටම දැනි තිබේ. එය සඵථ වන්නෙ නුඹ මා ළඟ නොමැති විටය. නුඹ නොදකින දුර ඈතකදී මට මහා තනිකමක් දැනේ. අනේ නුඹ සිටියානම් සිතේ ඉදින්.... මා මිතුරිය කියන්නට මුව දහසක් වදන් පොපියෑව ද කෙටියෙන් පවසමි. මගේ කඳුළට මං දෝර වැසු සිනාදෝර ජනිත කළ වැටෙන කළ දැත දුන් මගේ සෙවනැළ්ළ හා සම නුඹට පෙම් කරම් මම හදවතින්. දනිම් වරද දහසක් මා සතුබව එහෙත් පිළිගනු මැනව ඒ හැම වැඩි වැඩියෙන් නුඹට ආදරෙයි මං සමාවුව මැන නුඹ පුංචි මිතුරියට වරදක් උවානම්...............

දිවුරලා කියමි මම ..........

ජිවිතේ කළුම කලු
තිමිර පට ඉරා ගෙන
නුඹ සඳක් සේ
එබුණ කළ
මගේ සිත් මායිමට
ජිවිතේ සුන්දරයැයි
සිතුණි මට.......
ගොළු වෙච්ච පන්හිදට
අරුත්බර පද මැවෙන
රහස නුඹ නිසාමයි
දිවුරලා කියමි මම ......
නුඹ නෙතින් ලොව දකිමි
නුඹ නිසා ලොව අසමි
පණ ඇද්ද ජිවිතේ
යළිඳු ජිවත් කරන
බලාපොරොත්තුව.........
නුඹම යැයි
සපත වෙමි
මම නුඹට ............
                                                

Monday, August 23, 2010

පායන් ඉතින්.....





අමාවක සඳ නැති
කළුවර ම රැය වගේ
මගේ හිත අඳුරෙමයි
තනිවෙලා දුක් විදියි
පුන් සඳක් පායන්නෙ
නැහැ අනෙ කිසිදිනෙ
පාලුවයි තනිකමයි
මා සමඟ  ඉකිබිදියි
උදාවන හැම රැය ම
අමාවක වගෙ වුවත්
මගෙ සිත බලා ඉදි
මගෙ පුන් සඳ 
සිත් ගැබට එළිය දී 
පායන දිනක් එනතුරු .......