
පිය සෙනෙහස පුරවා
සැම දිනයේ
මා සනසා මට
සෙවන සැදු ඔබ
සැඩ හිරු එළි
දාහය අතරෙ
සිහිවේ සිහිවේ
පියාණනේ.........
දෙපිය නගන්නට
නොහැකිව ලතවුණ
මගේ සුරත ගෙන
මා නැගිට වු ඔබ
ගිරිහෙල් අරඹේ
නිරැදක කතරෙ
සිහිවේ සිහිවේ
පියාණනේ....
පියාණනේ....
කදුල සුසුම
හදවතින්දරාගෙන
සැනසුන ඔබගෙ
සැනසුන ඔබගෙ
සව්ය ලැබු මට
බාධක අතරෙ
මා තනිවුදා
සිහිවේ සිහිවේ
පියාණනේ.......
ලොවක් තනන්නට අවශ්‍ය වන ප්‍රධානම සාධකය තමයි අනාගත පරපුර. එවන් වු පරපුරක මූල බීජය වපුරනෙ කවුද? කුසින් නොදැරුවත් ලේ කිරි නොකලත් අම්මට මුවා වෙලා දරු පැටියාගේ ලෝකය බබළවන්නේ කවුද? ගත දහඩිය ලේ කඳුළු මුහු කරලා රසට බත හදන්න අම්මට උදව් දෙන්නෙ කවුද? නැතිබැරිකම් කොපමණ තිබුණත් දරුවන්ගෙ ලෝකය ලස්සන කරන්න දිවා රෑ නොබලා වෙහෙසෙන්නෙ කවුද? දන්නවා තාත්තේ ඔයා දරන ව්ර්ය මගේ ලෝකය දිනවලා දෙන්න. ඉතින් මේ පුදාචාර්ය ඔයා වෙනුවෙන්මයි.........
No comments:
Post a Comment