ජිවන ගඟ මැද පැද යන ඹරුවට
අලුත් නවාතැන් පොළකි ඔබ
තවදුර යන්නට දිරිය දෙවනු මැන
ඔබ ළඟ නිරතුරු රැදෙමි මම
කඳුහෙල් දැක දැක ඔබට තුරුළු වෙමි
දෙපිය නඟන්නට බොහෝදුර
දනිමි දනිමි මම ඔබ දෙන ජිවය
නිමක් නොමැති බව කිසිම දින
ඉතින් දයාඹර මව්ණි මගේ නුඹ
ජීවන නැණ මඟ මිණි පෑදු
වදිමි වදිමි මම ඔබේ දෙපා මුළ
කිරි දරුවෙකුමෙන් සිත් යාවි
විෂම වු ලෝකය කිරුළ දරන්නට
පෙව් නැණ දම් රන් කිරි රසිනි
තුඩ තුඩ රැව් දෙන ලෙස වයනෙම් අද
සබරගමුව වාසිටි මෑණි.........
පුංචි ම කාළයෙ ඉදන් හීනවල තිබුන බලාපොරොත්තුව ඵදරලා. ඒ තමා විශ්ව විද්‍යාල හිනය. ඉතින් හැබැ එ වුණ හීනයත් අරන් අපි අවේ ඔබ ළඟට .විදුමව් තුරුලෙන් මිදිලා අපි අවේ ඒ වගේම සෙනෙහසක් බලාපොරොත්තුව ඇත්තමයි ඔබ අපට අලුත් සෙනෙහසක් දුන්න. ඒ සෙනෙහස එළියෙන් අපට පුළුවන් මුළු ලෝකයම දිනාගන්න.
ඉතින් සදාදර සබරගමුව මෑණියණි; නුඹ නමට සපථ වෙමි. දිනමි ලෝකය ම දස අත රැව් නංවන්නෙමි නුඹේ නාමය. ඉදින් මේ නුඹ නමට කෙරෙන හෘද්‍යාංගම තුති පිදුමයි. දෙනු මැන තව තව දිරිය දිනන්නට ලෝකයම නුඹගේ දරු කැළට .වැජඹේවා දියත පුරා නුඹ නාමය.................

No comments:
Post a Comment