වැයෙන්නට ඉඩදෙන්න...........

Saturday, August 28, 2010

පිදුම......

            
ආදර කදුමත
පහන් ටැඹක් සේ
දිලුනා ඔබ මට
මගෙ අම්මේ.....
බැබළුන එ මුදු පහන් සිලෙන් මා
ලෝකය දුටුවා
මගේ අම්මේ.......
වලවෙ ගං දිය
පිරි සමනළ වැව
මද  පවනනේ රැළි නගනා සේ
දරු සෙනෙහස පිරි
නුඔ සිනහා රැළි
අම්මේ මා සිත පුරවන්නේ .............
සුමුදු සිසිල් දිය පිරි බෙලිහුල් ඔය
ගල් පර හැරදා නොම යන සේ
සෝ කදුලැල් මැද
සිත රළු වුණ දා
ඔබ මා ලඟ
සිටියා අම්මේ...........

                                              ආදරය කියන පදයට කෙතරම් අර්ථකතන දුන්නද එහි නියම අරුත "අම්මා" මිස අන් කවරක් ද?එවන් වු සෙනෙහසකට උපමා නැත. ආදරය සදාකාලික බව මා වටහාගත්තේ නුඹගෙනි .ඉදින් මම දනිමි නුඹ කිසිදු විට මා හැර නොයන බව. නෙතට නැගෙන කඳුළට සරදම්කර හිනැහෙන්නන් ඉන්නා ලොවක නෙතට කඳුළු නොගෙනෙන ලෙස මා දිරිමත් කළේ නුඹයි.හඩ නඟා හැඩ වෙවි ගල් පර හමුවේ නොසැලි ඉදිරියට යන නදියක් මෙන් පෙරට ම  යෑමට මා ලොව දිරි ගැන්වුයේ නුඹයි. මා අනාගතයක් නොපතමි. එහෙත් නුඹගේ සතුට වෙනුවෙන් ඔය නෙතේ කැළුම් වෙනුවෙන් මා ලෝවම දිනමි. දිනුවද පැරදුනද මම එකම එක වගක් දනිමි. එ නුඹෙන් මා ලැබු පෙම බෙලිහුල් නදිය ගල්පර හැර නොම යන සේ මා ළඟ රැදෙන බවය. ඉදින් එවන් වු සදාකාලික උත්තුංග ප්‍රේමයට නිගානොදෙනු වස් මෙ නමස්කාරය මව්ණි නුඹ නමට පූජා වේවා..................
                                                                                                   

Thursday, August 26, 2010

නමස්කාර වෙවා......



මඩ ගොහොරක පිපි තඹරු මලක් මෙන්
දිය මතු පිපිදි දියහි නොගැවී
කෙලෙසුන් පිරි මිනිසූන් මත පිබිදි
කෙලෙස් නොගැල් වු එකම පියාණනි
මොහොඳුර ගණඳුර පිරි තුන් ලෙව් හට
යහ ගුණ පෙන්වා මෙත් මග පදා
සකළ සතුන් වෙත පෑ මුදිතා ගුණ
අදටත් රැව්  දෙ  දියත අරා
කළ පින් මදි වි පව ස්මතු වි
මෙත් මඟ යන්නට වරම් නෙලද මුත්
මෙතේ බුදුන් ලඟ මෙත් ලැබ ගන්නට
වනසා ලමු අද කෙළෙස් මළුන් හැම...............


"බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා" මෙ වගේ ගීත බිහි වෙලා තියෙන්නේ අපි හැමෝටම බුදු දහම හුඟාක් දැනෙන නිසා ම ලෝකෙ තියන හැම දේම නිස්සාර වෙද්දි අපේ ජිවිතේ අපි දකින එකම සත්‍ය හා ජිවමාන දෙය බුදු දහම. එ තුළින් ජීවිතයට ලැබෙන පිහිට නිමක් නෑ. මෙ ලෝකේ සුපිපුණ නෙළුමක් වගේ සුපිරිසිදු වුත් විදුරුවක් වගේ විනිවිද පෙනෙනා වුත් එකම දේ බුදු දහම ගෞතම බුදුන් ළඟ නිවන් ලැබ ගන්න පින් මද උනු අපි මෙත් බුදුන් පාමුළ නිවන් ලබන්නට නම් දැන් දැන් ම කෙලෙස් නැසිය යුතුයි.එවිට මේ දුකින් පිරුණු බව කතර කෙළවර කර ගන බුදුහිමි පාමුළ නිවන් මග පසක් කර ගත හැක.
                            තුන් ලෝවට ගුරු වු සම්මාසම්බුදු පියණනි නුඹ නමට පිදෙන පැදි කුසුමයි මේ..............















 

පියාණනී......



පිය සෙනෙහස පුරවා
  සැම දිනයේ
  මා සනසා මට
  සෙවන සැදු ඔබ
  සැඩ හිරු එළි
  දාහය අතරෙ
  සිහිවේ සිහිවේ
           පියාණනේ.........
  දෙපිය නගන්නට
  නොහැකිව ලතවුණ
  මගේ සුරත ගෙන
  මා නැගිට වු ඔබ
  ගිරිහෙල් අරඹේ
  නිරැදක කතරෙ
  සිහිවේ සිහිවේ
           පියාණනේ....
  කදුල සුසුම
  හදවතින්දරාගෙන
  සැනසුන ඔබගෙ
  සව්ය ලැබු මට
  බාධක අතරෙ
  මා තනිවුදා
  සිහිවේ සිහිවේ
          පියාණනේ.......
                                                      
                                                            ලොවක් තනන්නට අවශ්‍ය වන ප්‍රධානම සාධකය තමයි අනාගත පරපුර. එවන් වු පරපුරක මූල බීජය  වපුරනෙ කවුද? කුසින් නොදැරුවත් ලේ කිරි  නොකලත් අම්මට මුවා වෙලා දරු පැටියාගේ ලෝකය බබළවන්නේ කවුද? ගත දහඩිය ලේ කඳුළු මුහු කරලා රසට බත හදන්න අම්මට උදව් දෙන්නෙ කවුද? නැතිබැරිකම් කොපමණ තිබුණත් දරුවන්ගෙ ලෝකය ලස්සන කරන්න දිවා රෑ නොබලා වෙහෙසෙන්නෙ කවුද? දන්නවා තාත්තේ ඔයා දරන ව්ර්ය මගේ ලෝකය දිනවලා දෙන්න. ඉතින් මේ පුදාචාර්ය ඔයා වෙනුවෙන්මයි.........

Wednesday, August 25, 2010

වදිම් වදිම් මම ....


ජිවන ගඟ මැද පැද යන ඹරුවට
අලුත් නවාතැන් පොළකි ඔබ
තවදුර යන්නට දිරිය දෙවනු මැන
ඔබ ළඟ නිරතුරු රැදෙමි මම
කඳුහෙල් දැක දැක ඔබට තුරුළු වෙමි
දෙපිය නඟන්නට බොහෝදුර
දනිමි දනිමි මම ඔබ දෙන ජිවය
නිමක් නොමැති බව කිසිම දින
ඉතින් දයාඹර මව්ණි මගේ නුඹ
ජීවන නැණ මඟ මිණි පෑදු
වදිමි වදිමි මම ඔබේ දෙපා මුළ
කිරි දරුවෙකුමෙන් සිත් යාවි
විෂම වු ලෝකය කිරුළ දරන්නට
පෙව් නැණ දම් රන් කිරි රසිනි
තුඩ තුඩ රැව් දෙන ලෙස වයනෙම් අද
සබරගමුව වාසිටි මෑණි.........
                                    
                                     පුංචි ම කාළයෙ ඉදන් හීනවල තිබුන බලාපොරොත්තුව ඵදරලා. ඒ තමා විශ්ව විද්‍යාල හිනය. ඉතින් හැබැ  එ වුණ හීනයත් අරන් අපි අවේ ඔබ ළඟට .විදුමව් තුරුලෙන් මිදිලා අපි අවේ ඒ වගේම සෙනෙහසක් බලාපොරොත්තුව  ඇත්තමයි ඔබ අපට අලුත් සෙනෙහසක් දුන්න. ඒ සෙනෙහස එළියෙන් අපට පුළුවන් මුළු ලෝකයම දිනාගන්න.
                                         ඉතින් සදාදර සබරගමුව මෑණියණි; නුඹ නමට සපථ වෙමි. දිනමි ලෝකය ම දස අත රැව් නංවන්නෙමි නුඹේ නාමය. ඉදින් මේ නුඹ නමට කෙරෙන හෘද්‍යාංගම තුති පිදුමයි. දෙනු මැන තව තව දිරිය දිනන්නට ලෝකයම නුඹගේ දරු කැළට .වැජඹේවා දියත පුරා නුඹ නාමය.................

තාරුණ්‍යයේ ආදරය

යෞවනයේ මිහිරියාව මත රැදි
සුන්දර ම වදන් පෙළ
ආදරයයි.........
ජිවිතය සුන්දර කරන
සොඳුරුත ම හැඟුම් පෙළ
ආදරයයි.........
විටක ආදරය
ජිවිතය මත සුපිපි
රෝස කුසුමකි
තවත් නිමෙෂයක එය
කටුක මලකි......
                                                                                                                              ආදරය ලබන්න ආදරය කරන්න අපි හැමෝම ආසයි. යොවුන් වියේදි අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒ සොඳුරුතම ආදරයයි. තරුණ හිත් ගොඩාක් සංවේදියි. ඒ සංවේදී හිත් වලට කතා කරන භාෂාව ආදරයයි. ඒ හිත් ජීවත් කරන්නෙත් ආදරයයි. ආදරය හඳුනන හිත් ආදරෙන් ඉද්දි තවත් හිතක් ඒ ආදරය නමින්ම වැලපෙනවා. බලාපොරොත්තු හිතේ පොඳී බැඳගෙන ඒ ආදරය නමින්ම මැරි මැරී උපදිනවා...............................

Tuesday, August 24, 2010

යෙහෙළියණි නුඹ........



කඳුලු ගලන ඇහි පිය යට
ඇණ තියාන බලං ඉන්න
වැටෙන වැටෙන කඳුලු පොදිය
දෝතම පා දොවා ගන්න
හිස අත ගා හද සනසා
කඳුලු බිංදු නතර කරන
නුඹයි මගේ පුංචි ලොවේ
මට පෑයු තාරකාව......

ජිවන මඟ මට හමුවන
කඳුහෙල් තරණය කරන්න
වැටෙන විටදි දෑත දෙන්න
නිරතුරු මා ළඟම ඉන්න
හුස්මට හුස්මක් යාවි....
කඳුලට නිවනක් වේවි
මගේ පුංචි මිතුරිය නුඹ
සදාකල්ම පායාවි........

                                                                                                    අපි යන මේ ජිවන ගමනේ අපිට කෙතරම් පුද්ගලයින් හමු උණත් ජිවිතේටම ළං වුන අය විතරයි මතක හිටින්නෙ. ඒක මිනිස් ස්වභාව ඒ මතක හිටින ටික දෙනාගෙන් කළණ මිතුරුදම විශේෂයි නේද? එකට පාසල් ගිය එක බත් පත බෙදාන කෑව ඒ විතරක්ද සතුටදි එකතු වෙලා සිනාසුණ දුකකදි තුරුල් වෙලා ඇඩුව ඒ මල් සමය නම් කෙසේ අමතක කළ හැකිද? ඒ සුන්දර සමය සිහිවෙද්දි හිතෙනවා ඇත්තටම ජිවිතේ එතනින් නතර උණානම් කෙතරම් හොදද කියලා. සසරින් සසර එකට ඉදපු අය එකට ඉපදෙනව කියන එක ඇත්තක් මගේ පුංචි මිතුරිය නුඹ මට ඒවගේ විටක දි වාද වන බව සැබවි. එහෙත් නුඹගේ සැබෑ සෙනෙහස මගේ හදපතුළටම දැනි තිබේ. එය සඵථ වන්නෙ නුඹ මා ළඟ නොමැති විටය. නුඹ නොදකින දුර ඈතකදී මට මහා තනිකමක් දැනේ. අනේ නුඹ සිටියානම් සිතේ ඉදින්.... මා මිතුරිය කියන්නට මුව දහසක් වදන් පොපියෑව ද කෙටියෙන් පවසමි. මගේ කඳුළට මං දෝර වැසු සිනාදෝර ජනිත කළ වැටෙන කළ දැත දුන් මගේ සෙවනැළ්ළ හා සම නුඹට පෙම් කරම් මම හදවතින්. දනිම් වරද දහසක් මා සතුබව එහෙත් පිළිගනු මැනව ඒ හැම වැඩි වැඩියෙන් නුඹට ආදරෙයි මං සමාවුව මැන නුඹ පුංචි මිතුරියට වරදක් උවානම්...............

දිවුරලා කියමි මම ..........

ජිවිතේ කළුම කලු
තිමිර පට ඉරා ගෙන
නුඹ සඳක් සේ
එබුණ කළ
මගේ සිත් මායිමට
ජිවිතේ සුන්දරයැයි
සිතුණි මට.......
ගොළු වෙච්ච පන්හිදට
අරුත්බර පද මැවෙන
රහස නුඹ නිසාමයි
දිවුරලා කියමි මම ......
නුඹ නෙතින් ලොව දකිමි
නුඹ නිසා ලොව අසමි
පණ ඇද්ද ජිවිතේ
යළිඳු ජිවත් කරන
බලාපොරොත්තුව.........
නුඹම යැයි
සපත වෙමි
මම නුඹට ............
                                                

Monday, August 23, 2010

පායන් ඉතින්.....





අමාවක සඳ නැති
කළුවර ම රැය වගේ
මගේ හිත අඳුරෙමයි
තනිවෙලා දුක් විදියි
පුන් සඳක් පායන්නෙ
නැහැ අනෙ කිසිදිනෙ
පාලුවයි තනිකමයි
මා සමඟ  ඉකිබිදියි
උදාවන හැම රැය ම
අමාවක වගෙ වුවත්
මගෙ සිත බලා ඉදි
මගෙ පුන් සඳ 
සිත් ගැබට එළිය දී 
පායන දිනක් එනතුරු .......

                                                               










Saturday, August 21, 2010

සරා සඳේ........

තරු  කැට කෙතරම් තිබුනත් අහස පුරා
පායාලා......
සරා සඳේ කැළුමි නැතිව
නිශා අහස
තනිවීලා......
පෙරදා සොමි සඳ එළියෙ
බැබළුණ හසරැල් හෙලලා.......
ගං දෑලේ පුලින තලා
ගණ අඳුරේ
සැඟවීලා.......
අහස් තලය පුබුදුවා
රන්තරු කැට පිරිවරා
සඳ වත සොමිරැස්
හෙලන්න......
පාළු අඳුර බිඳ හෙලා........



අහසට සඳ කෙතරම් වටිනවද කියලා දන්නෙ නිශා අහස විතරමයි. කොතරම් තරු කැට තිබුණත් අහස් තලය සඳ නැති දවසට තනි වෙනවා. ඒ විතරක්ද ගංදෑල අසබඩ පුළුන තලාව වෙනදා සඳ කැළුමෙන් සුදෝ සුදුව බැබළුවට අද සඳ නැතිව ගණ අඳුරේ සැඟවිලා ගිහින්. ඉතින් සඳ එළිය නුඹ දැන්වත් පායන්න මේ ගණ අන්ධකාරය බිදහෙලන්න ............

නොනිමි සෙනෙහස..............




  සඳරැස් වඞින්න එපා
 යහනට.........
 ඈ ගොස් මගෙන් ඈතට
 යළි නො එන්නට
 සැතපෙන තැන ඇගේ තනියට
 වදින මැනගෙන
 මගේ ආලය..........







                                                                 සඳ රැස් නුඹ එපා අද මගේ යහන් තලවට. නුඹ දන්නවද මගේ මුළු ලෝකයම අන්දකාර වෙලා. මම ඉර හඳ තරු කවමදාවත් පායන්නැති ලෝකයක තනිවෙලා. මගේ ලෝකෙ ඉර හඳ සඳ තරු සදාකාලයටම නිවිලා ගිහින්. මට කියන්න සඳ එළිය නුඹට පුළුවන්ද? ඈ ළඟ තනිමකන්න. මගෙන් ඈත් වුණු ඈ නිදන තැන ඇගේ තනියට ඉන්න.  ඈ නැතිව මා වැළපෙන බව කියන්න. අනේ සඳ එළිය නුඹට පුළුවනි නේද?.................
 සංකල්පනා:-  N.  චාමිණි

මා සිතින් .............




කුළුදුලේ ම උපන් ආදර බිළිදා
වැදුගෙයි ම මියැදෙන්නට දී
බලා හිදිමි .................
අවජාතකයකුට මෙලොව
සරණක් නැති නිසා...........



                              නුඹ දන්නෙ නෑ. නුඹ පමණක් නොව කිසිවෙකුත් දන්නෙ නෑ. මගේ වැලලිලා ගිය ඒ රහස. නුඹ නමට පිපුණ ඒ රහස.නුඹෙන් මතු නොව ලෝකයෙන්ම සැඟවු රහස. ඉදින් මම සඟවාගමි,
ඉපදෙන්නට පළමු හද තුළම සැඟව ගිය ඒ රහස .....................

                                                                                          සංකල්පනාව :-  J. චාරිකා අතාවුද
                                                                                                    

හුදකලා පෙම....












අරුණළු නැග එන තවත් එක්
දිනක් උදාවිය ....
සියතුන් ගී නද මැද
මා හද තනිවුනි එ දවස
ඇයිද කියා නොහැගේ සිතට
නුපුරුදු ආදර සේයාවක්
නොහැකිය මුණිවත රකින්න
කියන්නම් මතු දිනක
            මගෙ  ආදරය ඔබ හට .............

                                                                                                       මට හිනයක් ඹයා දන්නවද ඒ මොකක්ද කියලා. අපි හමු වුන පළවෙනි දවස. කවදාකවත් දැකලා නොතිබුන ඔයාව දැකපු මගෙ හිතට දැනුන  හැගීම මේයැයි වචනයෙන් පැහැදිළි කරන්න බෑ. ඒ දවස ඉදන් මේ ගෙවුන හැම දවසක් ම මට හීනයක් වගේ. මගේ හිත දොඩමළුයි එත් මුව ගොළුයි. මම දවස් ගානක් හිතුවා මට දැනුන මේ නුහුරු නුපුරුදු සේයාව ගැන. ඉතින් මම දන්නවා ඒ වෙනකක් නොව නුඹ වෙනුවෙන් ජනිත වු ප්‍රේමයම පමණක් බව ඉදින් හෙටින් උදාවෙන නව දවසදි නුඹට පවසමි ඒ රහස.
                                         ඉතින් අවසරද මට ?......................
                                         

මා සනසුව මැනවි ඉතින් ..............



සඳ තරු නැති අකාසේ
පිණි වැටෙනා
හිමිදිරියේ
මා සිත ගත් පහන් තරුව
පායා එනු මැනවි 
මා සනසනු මැනවි.......
සුරත් පියුමි මුකුලිත වු 
නිශා යමෙ වැවි තලයෙ
මා සිත ගත් කුමුදුනියෙ
විකසිත වනු මැනවි 
මා සනසනු මැනවි........
පුරන් කෙටු කුඹුර පුරා
නිල් මානෙල්
මද වු දා
මා සිත ගත්
බෙරලය මල
ඔබ හිකැහෙනු මැනව්
මා සනසනු මැනවි.........

                                                           ඔයා දන්නවද ඔයා මට මම යන මඟ පාර කියන පහන් තරුවක් ඒ නිසාවෙන්ම මම පතන්නෙ ඉර හඳ නැති නුඹ ගැබක්. එතකොට මගේ පහන් තරුවට පායන්න පුළුවන් හැමදාම. මට ජිවත් වෙන්න ඒ තරු කැළුම හොදටම ඇති. ඔයා දන්නවද? ඔයා මගේ ලෝකෙට කුමුදු මලක්. ඒ මල සුපිපෙන නිශාව එනකම් මම බලාන ඉන්නවා. ඒ මගේ හිත් යායටම සුපිපෙන එකම කැකුළ නුඹ නිසා. ඔයා දන්නවද මගේ හිත පුරන් කෙටු කුඹුරක් වගේ. ඉතින් මම බලා ඉන්නෙ මගෙ බෙරළිය මල යාය පුරා පූදින තුරු. ඉතින් මට කියන්න මගේ මේ ප්‍රර්ථනාවල ජිවය අරං ඔයා එනවාමයි නේද?...............

පැතුම ......

මුළු දියත පුරා
ඉදුවර වපුරා
හිරු අහස අරා
නැග එන අතරේ......
ඔබ ගැන ම සිතා
තනි වී ළතැවෙන  සිත
තවමත්  ගණ අදුරේ .....
ගිරි හිසින්  අදෙන
දිය වැළක සැඟව ගිය
සුරත් රුවන් රන් කැටයක්  සේ
ඔබ එකම පැතුම වේ
මගෙ දිවි ගමනෙ
මේ මුළු බව කතරේ  ...............
පහන් ටැඹක් වී
සිටිනු මැනවි  ඔබ 
මා ලද දිවි ගමනෙ 
මසිත දවන සැඩ 
හිරු කිරනක්  සේ
නෙම වි හෙට දිනයේ.......
අද වගෙම හෙටත්
සඳ පායා එන විට
ඒ සඳ රැස් අතරෙ
අප තනමු ලොවක්
තව ළා හිරු ළා සඳ
නැඟ එන එක
මොහොතේ............

                                                                                                              මුළු ලෝකෙටම හිරු පායන කොට දහවල ගෙවිල නිශා කල පැමිණෙන කොට මගේ මේ පුංචි ලෝකයේ මට තියන එකම පැතුම මොකද්ද කියල ඔයා දන්නවද? මං දන්නව ඔයා දෙන උත්තරය. ඇත්තටම ඔයා හරි එ තමයි මගෙ  පැතුම මේ ඉරහඳ තරු පොකුරු පෑයුවත්  නැතත් මගේ ලෝකේ ඉරහඳ තරු පොකුරු පුබුදුවන්න පුළුවන් කාටද දන්නවද?
ඒ ඒ තමයි ඔයා. ඔව් එ ඔයාම තමයි ඉතින් ඔයාට සතුටුද කියන්න.................


සෙව්වන්දියෙ........




සෙව්වන්දියකි ඔබ
මහ මග තනිවුණ
වරදින් සමාජයෙ
බොහෝ දෙනෙකු අත
වරද තිබෙන මුදු
දඩුවම් ඔබ වෙත
පමණි ලදේ.........
සිහින විලක

අසරණ ව සරණ ඔබ
කුඩා බිලිදියකි
නිසළ රැයේ                              
හදේ නැගෙන ගිනි
ලොවට පෙනෙන්නට
පින් නොකලෙ ඇයි
සොඳුරු ළඳේ.........
ඔබටත් මෙත් මල්
සුවඳ දැනෙවි
සිත සනසා ගිනි

නිවා හදේ
කෙතුමති නම්
පුරවර මතුදින
මෙත් මුණිඳුන් දම්
දෙසන පැයේ.........


                                                  මලක් ලෙස උපත ලද නුඹත් මේ මා වැනිය. දනිමි  නියම තතු නුඹ ජිවන. ගමන එවන් වු ජිවන වන්දනාවක යන අර මඟ ආතුර වූ යක්ෂකුගෙ පාපි ග්‍රහනයෙන් මොළකැටි නුඹ කිළිටි වු බව දනිම්. එහෙත් නුඹ හදමල සුපිරිසිදුය. ලෝකයේ නින්දාවට පත්වන නුඹ සැබෑම අහිංසකාවියක් බවද දනිමි. එහෙයින් ම  නුඹට දවසක යහපතක් ඉටුවිය යුතුය. නුඹ මසට ලොබ බැඳ නුඹ අඳුරේ හෙළුවන් අපමණය.  අසරණ බව මිස නුඹ අත අන් වරදක් නොවු බව මම දනිමි. දයාඹර සොයුරිය ඉදින් මා නුඹ අමතම්. නුඹටත් දිනන්නට දිනක් වේ. ඒදිනුම නම් බව කතරම දිනුමය. මෙත් බුදුන් පාමුළ එවන් වූ උතුම් දිනුමක් ලබන්නට පින් පුරවනු මැනවි ඉතින්...........

කඳුලක අරුමය.........

                                                                                                                                                       


                                                                                                    කඳුළ නුඹ නම ඇසු පමණින් කලක් මා වෛර කළෙමි. එහෙත් මාගේ පරාජය එතැනම විය. නුඹ තරම් ආදරණීය කෙනෙක් නුඹ තරම් හදට සැනසුම දෙවන යම් කෙනෙක් මේ දියත පුරාවට නැති බව මට දැන්හොදින්ම වැටහේ. මගේ හද පුරා දුක අරක් ගත් ඒ දිනය අදද මට සිරුමකි. ජිවත් වීමට වඩා මියැදිම යෙහෙකැයි සිතූ එදවස කඳුළ නුඹ ඇවිදින් හද පුරා පැවති දුක හීන කරවු හැටි අනේ මා සැනසූ හැටි මා කෙසෙ නම් අමතක කරන්නද? ඉතින් මම ලොවටම හඞගා කියමි. "කඳුළ යනු අපගේ පරම වු උතුම් ව මිතුරෙකි" එවන් වු නුඹ සැමදා මට අගනේය..........................

Tuesday, August 17, 2010

දිනමි මම ...


දකිමි සුභ සිහිනයක්
දිනන්නට හෙට ලොවක්
දරමි තැත සියවරක්
තනන්නට අප ලොවක්

ගව්ගණන් දුරක් ඇත
දෙපිය පොඩි ඔසවන්න
දහස් වර වැටෙමි මම
නොහැක මට නවතින්න
ඉදිරියට එසව් පය
නොහැක  ආපසු ගන්න
පසුපසින් ඇදෙන හැම
නොහැක මට හරවන්න
මගෙන් ජිවය පතා
ඇදි ඇදි ළඟම එන
ඒ සැවොම රැකගන්න
යා යුතුය බොහෝ දුර
සපථ වෙමි ඉදින් මම
දිනමි මුළු ලොකයම
ගොඩ නඟමි නව ලොවක්
අපට රජ වි ඉන්න......

                                                                                  මේ විසල් ලෝකය තුළ මම කුඩාම කුඩා ජිවියෙක්. මම ඒක දන්නවා ඉතින් ඒ විසල් ලෝකයේ  මම දකිනවා  හිනයක් ඒ හෙට දවස දිනාගන්නට. මම සිය දහස් වරක් උත්සහ දරනවා ඒ මගේ ලෝකයක් අපේ ලෝකයක් තනන්නටයි. ඒ යන ගමනෙදි මම දහස් වරක් ඇද වැටෙනවා .එ ගමනෙ විඩාව නිසාවෙනුයි. එත් මම නවතින් නෑ එහෙම උණොත් කොහොමද මම තනන්නෙ අපේ ලෝවක්. මම ආපසු හැරෙන්නෑ ඒ මම නිසාවෙන් පැතුම් පුරාගෙන එන සැවෙමගේ ලෝකයක් ගොඩනගන්න ඕන නිසා. ඉතින් මම සපථ වෙනවා මේ විසල් ලෝකයේ අපට රජ වෙන්න පුළුවන් පුංචි ලෝකයක් තනනවා කියලා. ඉතින්... ඔයාලා හැමෝම මට ආශිර්වාද කරනවා නේද?..............

සහෝදරත්වය.........

සිවි පිළිසිඹ්පත්
 රහතුන්ගෙ
සිරිපද සිපගත්
වැලි කැටයක
 රැඳි
දිය බිදුවක් වේ
සහෝදරත්වය.....
මව් කිරි බිදුවක
නැගෙන තරංගය
කැට්ව හමායන
මද නළ මුසු වුන
විහඟ නදක් වේ
සහෝදරත්වය.....
ගිරි කදුමුදුනක
බැදි මී වදයක
රසයට වැඩි
රසයක් ගෙන දෙයි
පිවිතුරු සිත බැදි
සහෝදරත්වය.....

                               එකම ගහක පිපි කැකුළු ම මල් පොඩි කාළේ ඉදන් ඒ මල් පරවෙලා යනකම් එකටම ඉන්න තියනවානම් අපි කොයිතරම් නම් වාසනාවන්තද? අපේ මේ සහෝදර බැමම අදටත් හෙටටත් මතු මතු අනාගතයටත් එකම විදිහට වලංගු වෙනවානම් කෙතරම් වටීවිද? මිල මුදල් යනවාහන වතුපිටි දෙපොළ කියන සාධක වලට ඔයාගෙයි මගෙයි තියන මේ ශක්තිමත් බැම්ම බිදින්න බෑ කියලා මම දන්නවා. අද නෙමෙයි මේ සංසාරේ කවදාවත් අපි වෙන්වෙන්නෑ කියලත් මම දන්නවා. එවන් වු සහෝදරත්වයකට පිදෙන ආශිර්වාදයේ තුටු පඞුරයි මේ...............