වරද තිබෙන මුදු
දඩුවම් ඔබ වෙත
පමණි ලදේ.........
සිහින විලක
අසරණ ව සරණ ඔබ
කුඩා බිලිදියකි
නිසළ රැයේ
හදේ නැගෙන ගිනි
ලොවට පෙනෙන්නට
පින් නොකලෙ ඇයි
සොඳුරු ළඳේ.........
ඔබටත් මෙත් මල්
සුවඳ දැනෙවි
සිත සනසා ගිනි
නිවා හදේ
කෙතුමති නම්
පුරවර මතුදින
මෙත් මුණිඳුන් දම්
දෙසන පැයේ.........
මලක් ලෙස උපත ලද නුඹත් මේ මා වැනිය. දනිමි නියම තතු නුඹ ජිවන. ගමන එවන් වු ජිවන වන්දනාවක යන අර මඟ ආතුර වූ යක්ෂකුගෙ පාපි ග්රහනයෙන් මොළකැටි නුඹ කිළිටි වු බව දනිම්. එහෙත් නුඹ හදමල සුපිරිසිදුය. ලෝකයේ නින්දාවට පත්වන නුඹ සැබෑම අහිංසකාවියක් බවද දනිමි. එහෙයින් ම නුඹට දවසක යහපතක් ඉටුවිය යුතුය. නුඹ මසට ලොබ බැඳ නුඹ අඳුරේ හෙළුවන් අපමණය. අසරණ බව මිස නුඹ අත අන් වරදක් නොවු බව මම දනිමි. දයාඹර සොයුරිය ඉදින් මා නුඹ අමතම්. නුඹටත් දිනන්නට දිනක් වේ. ඒදිනුම නම් බව කතරම දිනුමය. මෙත් බුදුන් පාමුළ එවන් වූ උතුම් දිනුමක් ලබන්නට පින් පුරවනු මැනවි ඉතින්...........
No comments:
Post a Comment