තිමිර පට ඉරා ගෙන
නුඹ සඳක් සේ
එබුණ කළ
මගේ සිත් මායිමට ජිවිතේ සුන්දරයැයි
සිතුණි මට.......
ගොළු වෙච්ච පන්හිදට
අරුත්බර පද මැවෙන
රහස නුඹ නිසාමයි
දිවුරලා කියමි මම ......
නුඹ නෙතින් ලොව දකිමි
නුඹ නිසා ලොව අසමි
පණ ඇද්ද ජිවිතේ
යළිඳු ජිවත් කරන
බලාපොරොත්තුව.........
නුඹම යැයි
සපත වෙමි
මම නුඹට ............
No comments:
Post a Comment