
දකිමි සුභ සිහිනයක්
දිනන්නට හෙට ලොවක්
දරමි තැත සියවරක්
තනන්නට අප ලොවක්
ගව්ගණන් දුරක් ඇත
දෙපිය පොඩි ඔසවන්න
දහස් වර වැටෙමි මම
නොහැක මට නවතින්න
ඉදිරියට එසව් පය
නොහැක ආපසු ගන්න
පසුපසින් ඇදෙන හැම
නොහැක මට හරවන්න
මගෙන් ජිවය පතා
ඇදි ඇදි ළඟම එන
ඒ සැවොම රැකගන්න
යා යුතුය බොහෝ දුර
සපථ වෙමි ඉදින් මම
දිනමි මුළු ලොකයම
ගොඩ නඟමි නව ලොවක්
අපට රජ වි ඉන්න......
මේ විසල් ලෝකය තුළ මම කුඩාම කුඩා ජිවියෙක්. මම ඒක දන්නවා ඉතින් ඒ විසල් ලෝකයේ මම දකිනවා හිනයක් ඒ හෙට දවස දිනාගන්නට. මම සිය දහස් වරක් උත්සහ දරනවා ඒ මගේ ලෝකයක් අපේ ලෝකයක් තනන්නටයි. ඒ යන ගමනෙදි මම දහස් වරක් ඇද වැටෙනවා .එ ගමනෙ විඩාව නිසාවෙනුයි. එත් මම නවතින් නෑ එහෙම උණොත් කොහොමද මම තනන්නෙ අපේ ලෝවක්. මම ආපසු හැරෙන්නෑ ඒ මම නිසාවෙන් පැතුම් පුරාගෙන එන සැවෙමගේ ලෝකයක් ගොඩනගන්න ඕන නිසා. ඉතින් මම සපථ වෙනවා මේ විසල් ලෝකයේ අපට රජ වෙන්න පුළුවන් පුංචි ලෝකයක් තනනවා කියලා. ඉතින්... ඔයාලා හැමෝම මට ආශිර්වාද කරනවා නේද?..............
No comments:
Post a Comment